ගුත්තිල කාව්‍යය

ගුත්තිල කාව්‍යය

පටුන

  • ප්‍රස්තාවනා
  • කාව්‍ය
  • විවරණය

නමවු මුනි සරණ

1

සිය පින් සිරින් සරු

දෙතිස් ලකුණෙන් විසිතුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිමි මුනි උතුමන් තිලෝගුරු

2

සපුරා දස පෙරුම්

පළ කළ බුදුව මනරම්  

හරණා බව බිරම්  

වඳමි අදරින් අනඟි සඳහම්

3

තමන් පද වන්දන

කළ පමණකින් නන්දන

නිවන් සැප වින්දන

වඳිමි මහ සඟන මුනි නන්දන

4

සුගත් මෙත් බෝසත්

විදුරත් ත්නෙත් පියුමත්

ගහනත් තිනෙත් -

මෙ සත් සුරසත් ලොවට සෙත්

5

මුනි පද උතුමඟේ

තෙවළා දහම් දිවගේ

ජය සිරි මඬලගේ

සැදු පැරකුම්බා නිරිඳුගේ

6

මෙත් කුළුනෙත් දැවැටී

යසසින් ගුණෙන් නොකිලිටි

හළ රුපු රුදු අරිටී

සියල් සිරි ලක අග මැතිවැ සිටි

7

අදිකරණෙහි පසිදු

රජ නීති දත් පිරිසිදු

සඳහම් කළ පුරුදු

වෙළෙඳ කුළඹර පුන්සඳක් පඳු

8

සිතුමිණි බදුරු කළ

කළඹ තිළිනෙන් පසු කළ

පුරණ දන මන දොළ

තමා සුරත ම සුර තුරක් කළ

9

විඳිමි යි සග සැපත්

නොවමි යි ආවා බිය පත්

කෙරෙමි යි මොක් සැපත්

සදහම් පතා ලියවු දහම් ලොත් පත්

10

දුටු දුටු දනන් සිතු

තුටු කරන සව් සිරි යුතු

සමඟ මල් පොල් වතු

ගෙවල් කරවා දෙමින් සඟ සතු

11

පිරිසිදු යස සඳුන්

දිගැ තුන් කුඹු අලෙව් දුන්

පුත් දුසිරිත සිත නුදුන්

දෙත් සලාවත ජයපාල මැතිඳුන්

12

බැඳි කිවියර බසි

මුනිඳු සිරිතක් වෙසෙසි

ඇසියටි අදහසි

කෙළෙන් ආරාදනා සතොසි

13

දෙන සග සැප න

සිහි කළවුනට මො

මොක් පුර මහ

කියම් මුනි රජුගෙ පෙර සි

14

පෙර මහ කිව්වරණ

පැවසූ තිලෝ ගුර බණ

මම මගෙ නැණ පමණ

කිමි වරදෙක් වේ ද කි කරුණ

15

පර සතු මලින් පුද

ලද මුනි සඳුට දිය නද

වන පස මලින් පුද

කළ යි පවසනු කවර වරද

16

ඉන් මුනිඳු සිරිතින්

රැඳි ම බසසා සතතින්

නුවණැතියෙනි බැතින්

බිබී තුටු වවු සවන් දෝතින්

17

සිරි කළැකි සගහා

මිණි රැසිනි දිගත ගහා

බබලන මහ ගහා

පවර නුවරෙක් වී රජගහා

18

සව් සිරිනි සාරය

නිරිඳුගෙ බිම්බිසාරය

එ පුරෙහි උදාරය පසිඳු

වේළු වන නම් වී විහාරය

19

තෝ තැනි වන මනා

දම් කිත් ලියට සොබනා

නොයෙක පුද රඳනා

පවර එ වෙහෙරෙහි මන නදනා

20

ලද මොක් සැපත්

මින් මහ කුළුණු සිත්

රමි යි ලොවට සෙත්

සසරට නො වී බිය පත්

21

මුනි දවස බෝ මැඬ

මරණින් නිසි ලෙස

දම් දම් සම තිස

සිව් අසෙකි කප් සුවහස

22

සතුරු වද සැපත

සදිනට පියඹ පිය සුත

දන් දිමෙන් මහත

ගුගුරුවා සත් යලක්

23

සුරඟන ගත් ‍ සෙමෙර

දිදුලෙන් දිලෙන හැම වර

සිරි බර තුසී පුර

ද ඉපිද විඳ සුර ඉසුරු නොවිතර

24

හිමි සඳ නුඹ විසින්

බුදු වන කැලැ යි වෙසෙසින්

බඹ සුර සෙන් ගොසින්

අයැදි සඳ බඳැඳිලිව සතොසින්

25

තෙදින් දිනි ඳාණන්

සක කුල සිඳු සඳාණන්

සිරින් සුරිඳාණන්

නිසා ස්දො වුන් මහ රදාණන්

26

තම තුනු රුව විලස

රසඳුන් කළ දනන් ඇස

තුන් ලෝ කුස

ඉපිද මායා බිසවගේ කුස

27

සත් බුමු පියුම් පිට

සිට අබිරු සිහ නද කොට

පින් බල පෑ ලොපිට

පැමිණ නරලොවෙහි රජ සැපතට

28

කළ සිරි කලක්මන්

නොතකා පියඹ දුක්මන්

බි ඳ මරුගෙ වික්මන්

පැවිදි වියටි ව කරබිනික්මන

29

විදුරසුන

අරා වඩමින් විදසුන

පිළි විද සිවු සසුන

පසුන් කර මරු සමග කෙළෙසුන්

30

බුදු ව දැන සවනේ

තුටුව පල සම වතිනේ

ගොසින් ඉසිපතනේ

මිහි-කත උතුම් දම්සක් පවත්වමිනේ

බව රෑ කෙළෙස් සඳ තම සිත් තුළ පහන්

කිරණින් මුහුලු බඹ- සඳ ඔහු දොස් නො කර සඳහන්

පියුම් වන එම සඳ ලබනු ව සිවු දහන්

දෙසුම් රිවිගෙන් පුබුදුවා සොඳ පැවිදි කරවා දුන් දහන්

කෙරෙන් ලොව මිනිසුන් තෙවළා බණ ඉගෙන

දක්වා නිවන් සුදසුන් තිලෝ ගුරු මුනි රජු-ගෙන

ඇති කර තුන් සසුන් උගතිමි මම මගෙන

විසී අප මුනිඳු සඳ සුදසුන් කුමන ගුරුදැයි කියයි මුනිඳුන

මෙ අප සුගතිඳු සඳ පෙර වයිරෙන් බැඳි

පොබයා දනන් මන කොඳ විදිනට බුදුන් මඟැදී

සඟ ගණ ගමන් මැඳ දුනු වායන් යෙදී

වෙහෙරඹර තුරෙහි බබළන සඳ අහෝ දහමක් සිතේ නොයෙදී

ලෙසින් තම තම පණ යන ලෙස නො හැකිළී

රකිනා බුදුන්ගේ බණ අවා පුරය‍ට නියැළී

පමණ නොකළැකි ගුණ කරනෙව් මඟ හෙළී

සලොවට පින්කෙතවසිටි සඟ -ගණ බුදුන් මුදුනට ගලක් පෙරැළී

රන් මිණි ලෙන් කුසින් මැරුව මුනි මහතා

නිකුත් කෙසරුන් විලසින් බුදු බව ලැබෙයි නියතා

දිනෙක සිත් සතොසින් කැරැ අනුවන සිතා

නික්මැ තම තම වසන නිවෙසින් ඇරැවි නාලාගිරි මදැතා

රිවි  රැස් සුබාවට සසර විය බේදව

පැතිරෙන මිනි පබාවට නොගෙන මුනි අවවාදය

සක් දෙව් සබාවට කෙළේ සඟ- බේදව

නිඟා කළ ඒ දම්- සබාවට විය නිවනට එමැ පමාදය

රැස්ව එහි වැඩ හිඳ අසෙකි සක්වළ හැම

සව් නේ ගෙවා දත් සොඳ බඹ සුර නරෝ එක් වැසම

මුනි රජුගෙ ගුණ බඳ එක්ව ද නොවෙති සම

තෙපුල් තෙපලන සඳෙහි මන නද එයින් මුනි රජ වේ අසම සම

මුනිඳුට වයිර බැඳ එක එක බස රසී

විඳිනා නිරා දුක් තද බව දුක් නසයි එකසී

දෙව්දත්හු නුගුණ ද මුනිඳු සඳ සැහැසී

පහළ විය ඒ සෙබෙහි මෙ ලෙ ද එබඳු තෙවළා දහම් පැවැසී

තුළුණු සව් ලෙව් වෙත මුනි සඳු නිවන්දා

නුවණ සව් නේ පද රුත බඹ සුර නරන් වන්දා

දහම් සත සිත සිත තිදස පුර වන්දා

පැවැත් වී අප මුනිඳු දිය නෙත ඔවුන් ගුණ මොහු සිත නො වන්දා

කිසිවක් හටත් නැති ඇසැ ඇසැ රස අඳුන්

මුනිඳුට ස නුවනෙක් ඇති දැක දැක රුසිරු මුනිඳුන්

මෙ ලොවැ සැමට මැ ඇති මෙත සිත තුළැ නුදුන්

වාසනා ගුණ කිසිවකුත් නැති අහෝ බල බලව දොස් පුහුදුන්

අබළුවකින් පමණ මරුට සේ - වටුවන්

නොකළැකි දිය සෙ සතරණ දෙ සැට දිටු පස වැටුවන්

ලදුව යි පෙදෙස නැණ විලස මිස දිටුවන්

කෙසේ පැවසිය හැකිද බුදුගුණ කෙළේ තම අත් බැව කිලුටුවන්

සියලු මුනි ගුණ මය ඉඳ ඉඳ එක වෙහෙර

දනන් තුටු වන දෙය මය විඳ විඳ දහම් මනහර

මෙ බඳු බුදු මහිමය සිඳ බිඳ දුක් සසර

නො දත් දෙව් දත් තෙරණුවෝ මය අනේ දෙව්දත් නුදුටු මොක් පුර

යමා මහ පෙළහර මුනි සඳුට වෙර බැඳ

දක්වන වරෙහි මුනිවර දෙව්දත් කුසල් මුල් සිඳ

නික්මුණු දිය දහර කළ අකුසල් නොමඳ

බැහැර නො කෙළෙ ද කිලුටු මොහු වෙර පවස- පවසා සඟුන් උන් සඳ

ගල මුනිදු මත්තේ ගිමන ලෙස පවනින්

හෙත කිසිවක් නොදත්තේ නිවන බව දුක් නිවනින්

ගලෙකි පිළිගත්තේ සවන දිව සවනින්

එසෙවු ගුණ මොහු නො පිළිගත්තේ සවන කර ඒ නැඟී යහනින්

රා බී ඇවිසුණේ මරුගෙ තෙද කිපයා

දනපල් වරණ දරුණේ කරවන සුරන් පිණිපා

මුනිඳු දැක දැමුණේ හළ අසුරිඳු දපා

කිමෙක දෙව් දත් තෙර නො දැමුණේ බිමට දිඟු කළ ස‍ඳෙහි සිරිපා

61

නැඟි දෙරණත සළා

විහිදෙන සුවඳ නොවළා

උදහන රොන් සළා

පියුම් පිට සිට සරණ සහළා

රැඳු ලා රසිනේ ලොවැතිපැහැ එක් කොට

බඳුවද කුසුම් ලෙසිනේ කළ රුසිරු සිතියම් පට

දිලෙන මන නඳිනේ විදහන මෙන් රුවට

වසා තුන් මඬුලු ඇඳ අඳනේ දිවී පබසර කුලුම් එක විට

විදුලි සිරි රඳනා ගොස් බඹ ලොව වැදී

බැඳ කහ බහණ සොබනා ඇඹර නා ලොව කිමිදී

රන් දමකින් මනා වැද එහි රැළි දිදී

පබලු කළඹක් බඳින ලෙසිනා මෙ ලෙස සවනක් කැළුම් විහිදී

දිලි රන් පැහැ විහිදි දන මන පුබුදුවා

දහ ගැබ වසාලන ලෙද නුවන් ලත් පල විඳුවා

රන් පලස සිරි ලද ගන අඳුරු බිඳුවා

සුගත් සිවුරෙන් වසත බුදු බඳ මෙ ලෙස සවනක් රැස් විහිදුවා

නිල් මිණි පැහැ සරා රන් රසු ගිගිළියෙන්

කිලිඳු ගහ පැහැ පැහැරා පවනඹළ දද කෙළියෙන්

සුනිල් රස් දහරා සුවඳ ගඳ කිළියෙන්

දිවී මුළු ලොව තවර- තවරා නික්ම පිපි ප‍ඬෙර පියවෙළියෙන්

උතුළෙව් තුරු සයුර පුද කුසුම් සුවඳ ට

විලිනව ගියා මෙන් මෙර බමණ බිඟු දැල් විලස ට

මුළු ලොව එක පැතිර ලෙල මිණි දැල් අවට

දිවී රන් වන් කුලුම් මනහර වැඩම කර දම් සබා මඬුව ට

රුවන් රැස් දාරා තරු වල සහස්නේ

ලෙස රත් කැලුම් බාරා මැද තරිඳු සිරි පුස්නේ

දසනු දෙස පෑරා එසබ මැඳ අස්නේ

දිවී සක්වළ ගලින් බෑරා එසඳ වැඩ ඉඳ සැප පහස්නේ

කිරි සමුදුර උපෑ උදය දිසි යසොබා

වන ලෙස මුළු ලොවට පෑ තඹුරු වන සිරි පසුබා

හිවි නුබතුරු නො පෑ පවසන බස් තබා

දිවි සඳ රැස් සුදුසු සුදු පෑ එ උන් මහ සඟන දෙස නරඹා

මුනි රද පුදට වන් යහ දසන පබයා

සුර බඹ ගිනි මැදට වන් සපුන් සේ හළ පිඹයා

විලිසින් රතටි වන් මුව පියුම පොබයා

කෙරෙමි නැඹරණි රැස්මඳට වන් සුවඳ කර සියලු දම් සබයා

පසුකර රුසිරෙන් සුරඹා දැක ඔහු උන් වෙතට

ගොසකර රන් මිණි සළඹා කැඳවාවුත් පළමු කොට

එනුවර ලිය රඟ නරඹා මිල දී සතුටු කොට

බඹසර සිත වත් කලඹා යෙදු වීණා ගායනාවට

පැහැර රඟන සුරත් රඟා එ කල ඒ ගඳඹා

එපුර සියලු දන සමඟා දක්වා සිල්ප නොතබා

නිතර කෙළිති සිත සෙ රඟා වෙළෙඳ දන පොළඹා

කවර කලක වෙද එ රඟා ගනිමි යන සිතිනි දන නොතබා

අසුරන් ජයගෙන සිත සේ ඉඳිමි යි නොවීණය

සුරසෙන් කෙළිසැණ කෙළිසේ දක්වා සිල්ප වීණය

රිසිනන් වෙස් ගෙන සොඳසේ සමඟ උපවීණය

සතොසින් දැන කෙළිති මෙසේ රැගෙන දැඩි කොට සදා වීණය

පුරවා තුනු රුවින් ඇසැස මින් මුන් මනායා

කරවා ගී නැටුම් වෙසෙස කෙරෙමි යි තොස මනායා

අරවා සත සිත දොම්නස සිතින් සමනායා

පුරවා සී කෙළෙති මෙ ලෙස කෙළෙ ද වීණා ගායනායා

සුර පුර මෙන් බැබැළි බසෙකින් නො දන්නා

එ පුරෙහි සව් සිරින් දිළි කියන පුවතට පෙන්නා

නුවරුන් නො වී මැළි නො සතුටුව ඉන්නා

වෙළෙඳු දැක ඒ කෙළන සැණ කෙළි දනන් මෙන් උන් බලා ඉන්නා

රිසි රිසි දෙයැරගෙන දැන් මින් මේ වෙළෙඳ

නොයෙක් ලෙස සැරසී ගෙන දනෝ වෙත් ව යි මන නඳ

නුවරුන් එක් වැ ගෙන කරන වෙණ වෙන නඳ

තුමුද සැණකෙළියට පටන් ගෙන මැඳුම් සැදුමෙන් සදා එමැ සඳ

දනන් මන් තුටු කොට සැරයට ළං නොවන

වීණා ගායනාවට ලිහිණියකු අත් පසුරෙන

ඇදුරකු තම වෙතට ගනිමි යි තැන් කරන

ගෙනෙන ලෙස පැවසූය එකකුට එකකු මෙන් ගායනා කෙරෙමින

එතෙමෙ තම නුවරා එදසා තුටු නොවන

පසිඳුව වසන ඉඳුරා එ වෙළෙඳ දනන්ගේ මන

වෙණ වයන මියුරා තුටු කරවන සිතින

නමින් මූසිල ගඳඹ ඇදුරා ලිහිල් සැදුමෙන් වෙණ සදාගෙන

ූ

වෙසෙසින් නියම කොට කියනු   කිම මහිමා

දුන්නත් ඉසුරු මුළු රට එයැදුරු ගඳඹ උතුමා

තුටු නොවන එකකුට අවපන් සිළු තමා

ගමක් දෙනමෙන් සතුටු පඬුරට තමා අතැ වැසි කරනු නියමා

මිහි රස ගී සමඟ අමරහනන් රුවට

කර ගායනා මන රඟ මා ඇඟි අමා රසයට

එවිට ද උන් එ රඟ එයැදුරු වෙන නදට

බලානො සතුටු සිතින් උන් රඟ මෙලොවකවරෙක් නොවන්නෙද තුට

නො මිහිරි ද මේ වෙණ නැත රිවිරැස් පහස

ඇසුහු ද මෙයින් වැඩි වෙණ නොපිපෙන තඹුරු වන ලෙස

තැනහොත් තැන නුවණ ඔහු වෙන නදින් මිස

කියව නොසතුටු වන්ට කාරණ අනික් නදෙකින් අපි නොවෙමු තොස

ඇදුරු තුටු තොවෙතියි ඇසුට මඟ පල ලද

නො සිතප සිප් නොදනිතියි එ’සුව මිස මිස දිටු වෙද

උනුමු වෙණ සදතියි ඇසුව ඔහු වෙණ නද

නොදත්තමු ගායනා කරතියි පසුව කවරෙක්අසාවෙන නද

කී සඳ එ වෙළෙඳන් දුටුවන් විසීයා

අපහස ලෙසට මෙ වදන් කරනෙව් උරු විසීයා

නොම කර සිත නදන් ඔහු වෙණ රසීයා

කියාඑයැදුරු යළිත් මෙ වදන් කෙරෙයි ඇසුවන් සිත් විසීයා 

නින්දා බස් කියන දුමන මල් ඉදුරු

වෙළෙඳුනි වෙණ වැයිමෙන ලවන ලොබ ලිය පඳුරු

මට වැඩි තරම් වන එවෙන නද මියුරු

එකකු දුටුවා ඇද්ද වෙන තැන යවන නොකරන කෙනෙක් කවුරු

වෙළෙ‍ඳෝ ඔහුගෙ බස ගොදුරු ලොබ දුරු කර

අසමින් තමන් බරණැස ඔහු නිවෙස වට තුරු සිර

දන්නා සිප් වෙසෙස නො පැහැර පිය පතර

වණති ගුත්තිල ඇදුරු මේ ලෙස සියොත්හුද ඉඳ අසති වෙණසර

වෙණ වෙණැදුරකු බල‍ ගිජිඳුන් ති මද ගළ

නෑසී ද තෝ මූසිල වෙණ නද අසා ඔහු කළ

බරණැස් පුර මෙ කල නොසොල්වන කන් තළ

වෙසේ ගඳඹෙක් නමින් ගුත්තිල තමන් මන දොළ පුරති බිඟු රළ

බෝසත් ගුණ නිසා කියත උන් මෙ තෙපල

අන් ඇදුරන්ට වෙහෙසා ආයෙය ඇදුරු ගුත්තිල

වෙළෙඳුන් කී බසා වැඳ ඔහු පද කමල

අසා මූසිල ගඳඹ පවසා තමා ආ තතු කීයැ මූසිල

එ සේ වුව හොත් හිමි බලමින් ලකුණු ගත

ඔහුට මම අතැවැසි වෙමි දුදන ගුණ දැන ඔහු සිත

මෙ මිල ආපසු දෙමි නොවසව තෙපි ම වෙත

මමත් ඔබ යන කල සමඟ යෙමි සිල්පනොදෙමැයි කිවෙන්මඟ සත

කියමින් මේ ලෙසට අඳ මව් පියන් හට

වෙළෙඳුන් සමග සහතුට නිතර අත්පා මෙහෙ කොට

ගොස් බරණැස් පුරට උන්ගෙන් බෝසතුට

පිවිස මහ බෝසතුන්ගේ ගෙට කියැවි වෙණ සිප් ඉගැන්වීමට

මඳක් සැතපී ඉඳ මෙ ලෙසින්  නොයෙක වර

මහ බෝසතුන්ගේ සොඳ දෙ මවු පිය කී මෙහෙවර

රැගෙන වෙණ මන නඳ නොකළ හොත් අනදර

වැයීමට ඔහු පටන් ගත් සඳ වෙතියි ඔහුගේ නුගුණ නො සමර

අඳ මව් පිය දෙදෙන හිමි තම නැණ නැවින්

ඔහු වයන බව නො මැ දැන සැදි ගී තරහ බෙහෙවින්

කනී වෙණ මීයන වෙණ සිප් මහණවින්

සු සූ යයි අත ගැසු සැක යෙන කෙළේ ඔහු පරතෙරට මැනවින්

එයසා වෙණ තබා වීණා සිප් සකස

සිතෙහි ගරු මන් නො තබා නො හැර ම ඇදුරු උවදෙස

උන් පද හිස තබා ඉගෙන ගෙන සිතුලෙස

නැමඳ මෙ ලෙසින් කියයි ගඳඹෘ සිති මූසල ගඳඹා මේ ලෙස

උදේනී පුර සිට මුළු දඹදිව් තලට

වීණා සිප් ඉගැන්මට මෙ නුවර උතුම් මෙ කලට

ගුත්තිල පඬි වෙතට සේවය කළ රජුට

ආමි කොද දැන් එ හිමි කිය මට ගුරු ද පත් විය මහලු වයසට

සගය ඒ ඇදුරා එයින් මේ බරණැස

කිසි කාරියක නුදුරා නිරිඳුගෙ රැගෙන අදහස

ගියෙය නො ම බැහැරා ගුත්තිල ඇදුරු ලෙස

කිවුය දැන් දැන් එතෙයි ඉඳුරා දවස් අරිමැයි සිතා සිතු ලෙස

හිමි මෙ තොප අවසර මේ ගුත්තිල ඇදුරු

දුනහොත් රජුට  මෙ නුවර කෙළෙහි තෝ දැන් තට ගුරු

සේවය කර නිතොර එ බැවින් තගෙ නිසරු

මෙහි ම ඉඳිමැ යි කීය දවසැර තෙපුල්කෙලෙසකනොවන්තෙද බොරු

එ සඳ මහ බෝසත් ඇතත් සිත ආසා

කැරැ ඔහු කෙරෙහි මෙත් සිත් තම දිවි රැකුම් පිණිසා

දැක නිරිඳු බඹදත් සිටි මවු පිය ලෙසා

නැමඳ දන්වා ලීය මෙ පවත් නො කිය බස් ගුරුවරුන් වෙහෙසා

අප අතවැසි ඔබට වඩවන දන අටී

සේවය කෙරෙයි හැම විට මොහු ඉදිරියේ බුහුටී

රිසියෙත හිමි ඔබට පන්සිළු ද නොසිටී

වැටුප් දුන මැනැවි දිවි රැකුමට එයින් තෙළ තගෙ තෙපුල් නොවටී

එ බසට එ නරසී කර ඔහුට නින්දා

පින්වත තොප අතවැසී සෙබෙහි සත සිත අන්දා

තොප වැටුපෙන් නිසී කියත නරනින්දා

අඩක් වැටුපට යෙදෙයි පැවැසී එතෙමෙ පැවසී බස් මෙ බන්දා

එ අතැවැසි එ ම සඳ මැදහත් නිරිඳු තුම

නරනිඳු පද කමල වැඳ වන බව අප නො සම සම

දොහොත් මුදුනේ බැඳ තෙපලනු කිම වෙන ම

කියයි මෙ තෙපුල් සිට එසබ මැඳ සිල්ප දුටු විට දැනෙයි ඔබට ම

හිමි සඳිනි මෙ සමේ නිරිඳු සඳ එ බසට

බැලුව මුළු දඹදිව මේ බෝසත්හු මුව-තඹරට

මියුරු වෙණ වැයුමේ සිය නෙත් බිඟු විහිට

සමව සිටිනෝ අපි දෙ දෙන මේ එසඳ පැවසී තෙපුල් මෙ ලෙසට

හිමි ඔබ ඉදිරියේ නොබා අපවාදය

වැයුවත් වෙණ ඉදිරියේ කෙරෙමි යි කියයි වාදය

සිල්ප එක සරියේ සොදේ තොප පැදය

එයින් දුන මැනවි පඬි සරියේ ඉගැන්නූ විලස වෙණ වාදය

එ සඳ එ නිරිඳු සඳ ගුරු වුයෙන් තමා

මෙ තෙපුල් කීය මන නඳ දැනෙයි මොහු සිප් තරමා

දියත දිය දද බැඳ එ බැවින් නොව පමා

පසිඳු පිළි ඇදුරන්ගෙ මන් බිඳ කියව පුළුවන් ද වෙණ වැයුමා

එබසට නො පැකිලී දියැ හී යන දඬට

සිතිවිලි දමෙහි පැකිලී පිහිටක් වෙතත් පෙරැ සිට

තෙපලින් මනකලී දුදනන් හට පිහිට

එසඳ බෝසත් මෙ සේ තෙපලී නොවව් යන බස් සැබැ කෙළෙ මට

ගින්නෙන් නැඟුණූ දුම් කො පමණ ගුණ කළත්

දවතහොත් වැද මහ දුම් දුදනෝ නොවෙති යහපත්

එම ගිනි කඳ එ දුම් කිරි දියෙනි දෙ‍වියන්

කුමැ යි නොදවා ද ලද විහිදුම් අඟුරු සුදු වන කලෙක් නම් නැත්

වැඳ මගෙ සරණ තල දුරු කර හිරි ඔතප්

වෙණ සිප් උගත් අඳ බල පෙන්විය දුදන ගුණ ගප්

මොහුට පුළුවන් කල මොහුට අප දුන් සිප්

මෙ මට බැරි කිම පුරුදු හැමකල පෙවූ කිරි වැන්න විස ගොර සප්

අතැවැසි ව ද නොදැමි නුවණ නොසියුම් මට

මොහු හා වාද නොතරම් ගෙන ගියෙමි සිප් නිම්මට

එතකුදු වුවත් හිමි මා කළ නොදැම්මට

සිල්ප සත් වෙනි දවස දක්වමි යෙදේ මූ කරන දේ දැන් මට

නිරිඳු පද නිය රස් බලව දැන් වූදේ

පිරිසිඳු දියෙන් සිහිලස් ඉගෙන අප දැන්වූ දේ

කර මුදුනත බිසෙස් කෙරෙමි යෙයි වාදේ

එතර බෝසත් තමාගෙට ගොස් මෙසෙවු අයටත් සිල්ප සෑදේ

වැඳ ගුරුවර සරණ උගත සිප් සොඳ සේ

ඉගෙන වෙන සිප් අපමණ සිටියි බලවත් වයසේ

නොසිතයි කෙළෙහි ගුණ මට මහළු වයසේ

මෙ සේ සලකා ඔහුගෙ අවගුණ බැරිය වෙණ ගායනා පෙරැ සේ

ඔහු සිරුරෙහි නපුරු ම වෙණ අස මානය

ලකුණු දැක එන උවදුරු ඉන් කෙළෙමි පෙරැ මානය

දැන දැන ම අප ගුරු දැන් මට ස මානය

බසින් නොකෙළෙමි එදාමොහු දුරු ඉතින් විඳැ කිම් ද අවමානය

කිසි සිප් නොදත්තහු අතැවැසි ව සිටි මට

දුරු රට සිට පැමිණියහු මූගෙන් වන නිසරුවට

ලෙස සිය පිය සුතහු නො පැමිණ පළමු කොට

සොඳයි ඇතිකළ නියා අප මොහු ගමන යෙහෙකැයි සිතා වනයට

නික්ම පුරයෙන් සෙද අව ගුණයට පිවිසි

එපුරට නුදුරු වන මැද නර රකුසෙකු ලෙසින් දිසි

ගන සා මඬුලු බඳ කළ ගුණ නොදත් කිසි

සිහිල් සෙවනැති රුකක් මුල ඉඳ පවිටු දුදනකු කෙළෙමි අතැවැසි

උන් සඳ තැවි තැවී ඔහු මවෙත රඳවා

ඔහු ගුණ තෙදින් මැනැවී දුතිමි වෙණ සිප් සොඳවා

මෙර මුදුනෙහි හිවී එතෙම දැන් තදවා

සුරිඳු පඬුපුල් අස්න හුණු වී වාද කෙරෙමි යි මෙමා කැඳවා

සිහිල් සුව පහසින් අග මුල නො විමසා

සත තොස වඩන වෙසෙසින් දුනිමි වෙණ සිප් සකසා

එඅසුන් ඒ ලෙසින් ඔහු සම වන නිසා

වන්ට කාරණා බලා දිවැසින් වනිමි සුර රද මෙ වන පෙදෙසා

වග වලසුන් නොයෙක දහසක් නුවන් ලද

හසරින් නොවී බිය සැක මුළු ලොව බලන හැම සඳ

සිත සතොසින් වැළැක පසිඳු සක් දෙව් රද

එ සේ උන් බෝසතාණන් දැක මෙමට ඔබ හැර පිහිට කවුරුද

සක් සුර ලොවිනැවිත් එබැවින් ඔහු දිනා

සැපැමිණ බෝසතුන් වෙත් දිය දද දියත බඳිනා

එවන මැඳ මහසත් ලෙසට මහ තෙදිනා

තනි ව උන් කාරණා පිළිවිත් සුදුසු වරයක් දෙවයි යදිනා

ඇසු එතෙපුල් සොඳ ලෙස උයන දිවයුරු

බෝසත් විසින් මන නඳ දුරුකර රුදුරු දුකඳු රු

තෙපලන අප සසඳ පොබයා මුව තඹු රු

මෙතොපි කවරහු දැයි ඇසු සඳ මෙසේ පැවසී තෙපුල් පුරඳුරු

දහසක් දිවැස් ඇති ගුත්තිල ඇදුරු සඳ

දෙ දෙව් ලොවට මැ අදිපති ඔහු වාදයට වන් සඳ

මට ඉඳුරු දික් පති වයව තත් සිඳ සිඳ

දනෝ සක් දෙවිඳු යැයි පවසති නැගෙයි නද සිඳි තනින්’ මන නද

මෙලෙසින් පුරඳරා දියුණූව නොයෙක ලෙස

කී බස් අසා සොඳුරා කර සව් සතන් සිත තොස

සිත සතොසින් පුරා ඉතිරැ ගෙන බරණැස

කීයැ මේ බස් මෙ අප ඇදුරා පැතිර යන සඳඑ නද දස දෙස

222

මෙයින් එක ගුළියක්

දමව ඉන් තුන් සියයක්

සුරඟන බැසැ පසක්

සතුටු කර නටති දන මන සක්

මෙ බඳු මේ ගුලි තුන පුන් සිසි කැලුම් බට

තෙපි යව ඇදුර ඇරැ-ගෙන කොඳ මෙන් සතන් තුටු කොට

මම ද එමි එමැ දින දිනමි යි ඔහු මෙ විට

කියා ගිය ස‍ඳෙහි සක් දෙවිඳුන ගියේ බෝසත් තමාගේ ගෙට

225

පු ර ඳුරු වන් බඹදත් නරපවරා

සැ ර හී වෙණ නද අසනුව මියුරා

පු ර වැසියන් රැස් වන ලෙසැ නො හැරා

බෙ ර පිය වී කරවා මුළු නුවරා

226 පිරිවර රජසෙන් සමඟින් ඉඳිනට

සිරිකර පුරඳුරු විජයොත් පායට

මෙනුවර මැඳ මඬුවක් විසිතුරු කොට

මෙහෙවර කී කවර යි අග මැති හට

227 නි රි ඳු එසඳ වද හළ බස් පිළිගෙන

පු රු දු සියල් සිප් සතරෙහි වෙසෙසින

ප සි ඳු නොයෙක් ඇදුරන් රැස් කරමින

මැ ති ඳු  නිදොස් දිගු පුළුලැති බිම ගෙන

228 පු ර ව‍ා  සිත් සමග ව රජු ඉඳයා

වෙ ණ වා දය අසනුව රස විඳයා

සො ඳ වා දන මන ලෙස නඳයා

ක ර වා මහ මඬුවක් පුර’ මැඳයා 

229 ඇ ඳ සිතියම් සිත තුටු කැරැ ඇමගේ

න ඳ දෙන හැම සඳ මඳ මඳ සුළගේ

න ඳ මුතු මිණි රන් රසු දැල් සමගේ

බැ ඳ රන් දද බබළන මිණියටගේ

230 සු දු පිරි සිදු වියනුන් උඩ බඳවා

මු දු ඉඳුවර මල් දම් එහි රඳවා

වි දු කිඳු යුරු රන් රසු දැල් යොදවා

සැ දු සුර සිඳු බඳු වට තිර අදවා

231 සු ව ඳි න් බි ම පිරිබඩ ගෙන මොනවට

ස ද මි න් සිහසුන මුතු සේසත් යට

ත න මි න් දෙපසෙහි දිලි රන් මිණි වැට

ඉ සි මි න්  අසෙනිය මල් විසිතුරු කොට

232 වෙ සෙ සි න් දුටු දුටු සත සිත පහදා

මෙ ලෙ සි න් මනහර එ මඬුව සුසදා

සි ර සි න් රජු සිරි සරණත නැමඳා

ස තො සි න් දැන්වු සඳ ඒ මැතිඳා

233 සොඳ පුන්සඳ සොමි කිරණින් පිහිකුළු

වැ ද   සුර ගහ රළ වට කළ සුලකුළු

න ඳ සිරි සර පාමින් රන් ගිරි කුළු

ඇ ඳ  පිරිසිදු  සුදු  සිනිඳු කසී සළු

234 හි ම ක ර සුර සිඳු කොඳ මුතු හැරැහී

පැ හැ ස ර යුරු සුදහර ගෙන වෙරැහී

ම ල ක ර  පලු පල වැනි සුරතුරැහී

ම න හ ර  සිවු සැට බරණින් සැරැහී

235 වි රි දු නිරිඳු සෙත් අඳවා පියළී

පු රු දු ඔවුන් සිරි ගැනුමෙහි නියැළී

මු හු දු වසන් මිහි රකිනා නො මැළී

නි රි ඳු  මඟුල් මඬලග ගෙන උදුළී

236 පි රි රු සි රෙ න් බබළන සක් සුරඟන

ස ල නු ව නි න් මිස වෙන සක් නො ම වන

නව යො වු නෙ න් දන මනසක් පිනවන

පි රි ව ර මි න් දස දහසක් වරඟන

237 දි ය  ත සතන් මන බැඳි වැඳි සහසේ

කි ය ත නොයෙක්   විරුදාවළි සතොසේ

දි ග ත බිහිර  කර යුග සිඳු ගොස සේ

ක ර ත පසඟ තුරු ගොස සිට දෙපසේ

238 එක් වැ සිනිඳු වල් විදුනා සුළඟින්

නික් ම දුවන ඉඳුවර දම් සරඟින්

සක් වැ දිළෙන අබරණ රස් තරඟින්

නික් ම එ රජ රජ මැති සෙත් සමඟින්

239 වෙසෙසින් දැනැ පරසිදු සිවු වේදේ

සැබැවින් බොරු නො කරන කී කී දේ

බමුණන්  පවසන ජය තුති නාදේ

අසමින් නරනිඳු සඳ සිත පෑදේ 

240 දිලි හෙන නුබ ඉඳු සැව් සිය විලසින්

විහි දෙන මිණි අබරණ රැස් පහසින්

පුබු දිත මුව තඹරැති පුර විලසින්

ඉ සු ර න අසෙනිය මල් දැක සතොසින්

241 කලා සපිරි මුව සඳ හස කැල්මෙන්

දු ලා දිමුතු මුතු හර ගඟුලැල්මෙන්

බ ලා සිටින  ලිය තම වෙත ඇල්මෙන්

බ ලා පුළුල් දිගු   නුවනග බැල්මෙන්

242 සුර සෙන් ගෙනැ සැදි සුදම් සබාවට

සතොසින් පැමිණෙන සුරිඳු සබාවට

අ ව ස න් නොව දිලි රුවන් පබාවට

රජ සෙන් සහ රජ පිවිස සබාවට

සරා ලකළකිරුළග මිණිරැස්වද රණගින් නොතැවියෝ

සරා උදය දිවයුරු බිඹුසිරි ලද රජුගෙන් ලත් පදවියෝ

පුරා උදුළසේ සත් සිහසුන් මැද ජය සිරිනි නොවියෝ

අරා පවර නරනිඳු වැඩ උන් සඳ දෙසෙක උන්නුය රජ සෙනෙවියෝ

පළන් අබරණ දෝ රුපු රණ අරටියෝ

වතුරෙන් සබය කර දෝ රට රැකුමෙහි බුහුටියෝ

ලොව පරසිඳු සොදෝ රජ අණ දැවටියෝ

උන්නු සුවහස් ගණන් නිරි‍ජඳෝ උන්නු එක් දෙසෙකැ  මහ රැටීයෝ

වෙද වෙදහ නිපුණෝ සරසවි වැලැඳියෝ

සතර පිළිපිඹූ දැපුණෝ කව් නළු රසය විඳියෝ

දිය වැඩෙහි දැපුණෝ සත් සිඳු කිමිඳියෝ

පසෙක උන්නුය පෙරෙවි බමුණෝ පසෙක උන්නු යැ නොයෙක් සුදියෝ

යසින් නො කිළිටියෝ බරත සැක හළුවෝ

ලොව කප් තුරු සෙ සිටියෝ රඟින් දනමන වෙළුවෝ

වාද ඇසියටියෝ වෙසින් සුලකුළුවෝ

උන්නු සිටු තනතුරු පිහිටියෝ පසෙක සිටියො යැ නන්   නළුවෝ

තියුණු නුවණැත්තෝ කිවි බසෙහි රැඳියෝ

රට රකිනා කැමැත්තෝ දනන් සිත දුක් සිඳියෝ

කුළුණෙන් ළ තෙ‍ත්තෝ කැමැති සිරි විඳියෝ

උන්හ උන්වෙත රජ ඇමැත්තෝ දෙසෙකැ සිටියෝ නොයෙක්  වැඳියෝ

සමර සම සුරුවෝ නොයෙක් රට වැස්සෝ

අවි සිප් සරම සුරුවෝ වෙණ  නද අසන රිස්සෝ

පැණ බරණ දැරුවෝ එහි මැ නිසි නිස්සෝ

පසෙක උන්නුය රජ කුමරුවෝ සිටියො මඩුවෙන් පිටත සෙස්සෝ

මදැතුන් බලැත්තෝ ඇවිත් පසු පස්සේ

රුපු සයුර මෙන් මත්තෝ මිල දී රැගෙන මැස්සේ

අවි සිප් උගත්තෝ වෙණ අසන රිස්සේ

අවට  සිටියෝය කඩු ගත්තෝ අයෙක්  සිටියෝය අසු අස්සේ

සපැමිණැ නන් දෙසෙන් නැඟි නන් දන සොඳුරු

හියවුරු දරා එකසෙන් දුහුල බරණින් නිරතුරු

විලසින් අසුරු සෙන් එදා එනුවර තුරු

එවෙන සිටියෝ නොයෙක් දුනුසෙන් වී ය කප් තුරු සිරිත් විසිතුරු

නොහළ විරු සිරියහ දන කැන් නොයෙක් දෙස

රිපඳුරට රිවි උදයහ කියනු කිම රැස් වු ලෙස

පබල මෙර දිරියහ පිරුණෙන් එ බරණැස

නැඟී රිය රියැදුරෝ සිටියහ නොවී අවසර පවා පවුරිස

මිණි කිකිණි ගැටලූ බෝසත් ද එ දිනා

රන් කම් කළණ පටලූ ජය සිරි සඳ වලඳිනා

රුපුන් මුළු පුටලූ ලෙස සිරුර නඳනා

අසරු අස් සෙනඟ ගෙන වටලූ සුපිරි සුදු කර සුවඳ දියනා

දිගු සොඬ පිහිල්ලෙන් රස මසවුලෙන් යුත්

වැහෙන සෝ දිය හැල්ලෙන් වළඳා බොජුන් රසවත්

දුරළු දුහුවිල්ලෙන් ඇඳ සොඳ සිනිඳු වත්

ඇතරු සිටියෝ ඇත් වළල්ලෙන් සඳුන් කොකුමෙන් සරා උරබිත්

ඔවුන් වෙත රාසි මිණී කොඬොල සවනත

වෙමින් වෙන වෙන දේසී අගු මිණි වළලු යුවළත

උනුනැඟැ ගැසි- ගැසී එකා වැළ උර බිත

සිටියො අතුරක් නොවී ගැවැසී සරා පැහැසර සලඹ සරණත

බිම සිට බැලීම ට ඉස පිනි දිය නොමඳ

අවසර නැතැයි  උස් කොට සුවඳ මල් දම් මන නඳ

බැඳ මැසි එමැසි පිට විසිතුරු  කැරැ පැළැඳ

අයෙක් සිටියෝ වාද දැකුමට බහා ඇකයෙහි උතුරු සළු සොඳ

‍ 269 277

මෙ සේ සැරැසී ගෙන ගුත්තිල ඇදුරු සඳ

වීණාව ගෙන්වා ගෙන වීණා වයන ලෙසැ ඉඳ

සමඟ අතැවැසි දන පසෙක පණවන ලද

නික්මැ බාසුරු සිහ රජකු මෙන සුදුසු අස්නෙක ගොසින් උන්සඳ

ජය වෙයි අද මොහු ට නොදැන ම තමා බල

සිතවමිනි දුටු දන හට සබයට අවුත් නොපැකිල

කර මුව පියුම තුට වැඳ රජ පද කමල

පිවිසි රජු උන් සබා මඬුව ට දෙසෙක මූසිලයා ද උන් කල

රන් ගිරි කුළු බෙයද සිදු වේ මැයි වෙසෙස

දෙ පස දිළි හැලිමෙන් සොඳ මහ බෝසතුන් අදහස

සිට දෙපසෙහි බොළඳ ඉන් සුර පුරෙන් බැස

ළදුන් දුන් සෙමෙර නල විඳ - විඳ අවුත් බෝසත්හු දින වන ලෙස

රජ සෙන් කොඳ රැසා කර මිණි බරණ රස්

නඳ සඳ කැලුම් විලසා රැසින් සුර සැව් සුවහස්

කැරැ මඳ මඳ හසා සුරන් සහ සහසැස්

අමා රස බස් පවස - පවසා නොකර සිටියේ අහස්කුස් හිස්

සරණ සල සළඹා දෙ දෙන ම ඉඳ දෙපිට

රැවින් දන මන පොළඹා සව් සත සතන් තුටු කොට

සිටින නර වරඹා සුර ගඳඹුන් ලෙසට

රුසිරු රිසි ලෙස නරඹ - නරඹා පටන් ගෙන වෙණ ගායනාවට

බැඳි තම නම නිසා නවතා ගගි රියේ

කිවියර කියන වෙසෙසා අසන ලෙස සිත් පිරියේ

කිවි බස් අස - අසා කර කන් බිහිරියේ

ගැඹුරු පදරුත් විමස - විමසා කරන වෙණ ගායනා සරියේ

බමණ බිගු ඔබිනොබ අප බෝසතුන් මිස

පිටුපත් පහර ලැබ - ලැබ අනිකකු නොම අසන ලෙස

සුවඳ කළ සබ ගබ සුර රජ සිටැ අහස

සොඳුරු ඉඳුවර කලඹ ඉඹ - ඉඹ තතක් සිඳුව යි කිය එවිගස

එ උන්වෙන් වෙළපා ගුත්තිල මහ සිපි

බඹදත් නිරිඳු සිරිපා සක්දෙව් බසින් සැතැපී

තොසින් කැරැ පිණිපා මින් දිනමැ යි දැපී

වාද දිනමැයි වෙමින් සදපා බමර තත පළමුවෙන් සිඳැසි 

තත මතු ද සින්දේ කෙළෙහි ගුණ සින්දේ

පිළිමල් දප ද සින්දේ මූසිල අන්ද මන්දේ

දස දිගත ඇන්දේ ජයෙහි ලොබ බැන්දේ

විජය සිරි සඳ ගෙන වැලැන්දේ තමා වීණා තත ද සින්දේ

සුන් එතතින් එ සඳ අනුවණ කම් කෙළේ

පසු කර සුරන් වෙණ නඳ ගුරුන් ගුණ සිහි නො කෙළේ

දියුණු තියුණු වැ නද නද ඉන් නො පතළේ

නික්ම පැතිරෙන දසත විනිවිද අයස ම ය මුළු දියත පතළේ

289

දෙවන තුන් වන ත ත

සතර වන පස් වන ත ත

සවන සත්වන ත ත

මෙ සේ සිඳි සඳ මෙ අප බෝසත

290 දිය දිය ගොස පළ කෙරෙමින් සපැමිණි

ගිය ගිය තැන ඉස්වා රන් මුතුමිණ

ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි

සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි

291 බියසන් නොව බිගු දැල් රැදි කොපුලී

අවසන් නොව වෙණ නදට ම කුහුලී

මදසන් සුන් පියොවින් සිටි නොසැලී

ගජසෙන් සිතියම් ගජ සිරි කියෙලී

292 කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබින්

රන් රසු දැල් කොලහල වන බියෙනේ

සන් සල නොව එහි පිළි රූ ලෙසිනේ

නන් හය සෙන් සිටියෝ සිටි මතිනේ

293 නිති නිරිඳුගෙ රැකවලෙහි නියුත්තෝ

රුති ලෙස රුපුනොද බිඳ ජය ගත්තෝ

පැති රෙන වෙන නද බැඳුණු සිතැත්තෝ

අති නවි ගිලිහෙන බව නොම දත්තෝ

294 මන මත් කරවන දන මුළු දෙරණා

රසවත් වෙන වෙණ නද නඳ කරණා

සවනොත් සඳ පුරඟන ලොබ දිවුණා

නොදනින් දරුවන් ඇකයෙන් වැටුණා

295 පන් සිළු වීනා නද පසු බැස් වූ

මන් පින වන වෙණ නදයෙන් තොස් වූ

නන් දන නැක් දුටුවන බිය සිස් වූ

මින් රළ වුත් ගං වෙරළට රැස් වූ

296 වෙර වෙණ නද අසමින් සිත සතොසිනි

සර හැර සියොතුන් පියපත් විදමිනි

පුර ඔර වසමින් සිටි රඟ කුම් වැනි

සුර සෙනඟට සුරසුන් පැනැ වූ නැනි

297 යොදා සවන් වෙණ නද රස සුලබව

න දා එකඟ සිත් වන ලෙස සකොබව

ස දා කුලය නොහැර ම එන අසුබව

එ දා ගියේ රිළවුන් සන්සල බව

298 එ මා සත්හු එනදට අසමානය

ස මා නොවෙති කෙවුලෝ උපමානය

ත මා නාද මිහිරැ යි යන මානය

ද මා එයින් වින්දෝ අවමානය

299 අසන රිසින් නයි කැල ඔසොළෝයා

ඔවුන වෙතම සිටිනා ගුරුළෝයා

වයන එටවණ නද ලොබ ම කළෝයා

එදින වයිර සිත සිහි නොකළෝයා

300 බැඳි දන මන වැයුමෙහි ඇදුරෝයා

විඳි සත් සර වෙණ නද මදුරෝයා

රැඳි සතොසින් සැනහුණු ඉඳුරෝයා

වැදි දන සිරි ගත්තු යැ කිඳු‍රෝයා

301 සතොස් කරන වීණා නද ඇසුම ට

නොගොස් සිටින පිල්බර ගණ ගොදුර ට

වෙසෙස් රුවින් තම මැවුවත් බඹ හට

සඳැස් සවන් නොකළැ යි වූ නොසතුට

302 වෙසෙසින් යන නද දිගත පුරා යා

අසමින් ගුරු හිස රඳන ගිරා යා

උමුවෙන් මී අඹ ගත් මියුරා යා

දැමුවෙන් වෙණ නද ම ය මියුරා යා

303 රුති වන පෙතිනැවිදින් සමුවෝ යා

නිති මියුරැති වෙණ නද ළමුවෝ යා

සිති විලි නැති රු විලස මුවෝ යා

නැති නො ගනිති මිනිසුන් හමුවෝ යා

504 නොගොසින් සිටි වන වන නිබ‍ඳේ යා

වෙසෙසින් සුර නද සෙන් නොම‍්ඳේ යා

සතොසින් විඳ විඳ ලොබ නොසි‍ඳේ යා

මෙලෙසින් වෙණ නද අසන ස‍ඳේ යා

505 පටන් සුරිඳු දුන් උපදෙස් සිහි කොට

ඉටන් බෙලෙන් දැමුවෙන් ගුළි අහසට

තුටන් වඩන සුර අඟනෝ බැස සිට

පටන් ගත්තු නව සියයක්  නැටුම ට

506 ළඟ ළඟ වා උනුනට කර වාද ය

නොවරදවා වීණා පද වාද ය

රඟඅඟවා සුරඟන රඟ බේද ය

සෙද කරවා රජ සබය පබෝද ය

307 යටැසින් ලන බැල්මෙන් සුර විලසී

වෙසෙසින් දන මන මත් කර එකසී

අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසී

දිසිමෙන් වි ය විදුලිය සිය දහසී

308 දිමුතු යසස් වන් කුසුම සරා ගේ

නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ

දකිතු රඟන සුරඟන රඟ ලාගේ

උමතු ‍ නො වෙද කෙලෙසක සිත කාගේ

309 රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා

රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ - තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා

මම්කෙසේ පවසම්එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා

310 පුන්මදා රා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා

මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා

මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉත‍ා

උන්එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා

311 පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැ‍ඳේ

ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් ත‍ඳේ

මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ

දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ

312 පා පියුම් බිඟු රොන් සළා වන් දිලිරුවන් නුපූර ගොසේ

පාදගම් රා නාදනූ කොට ගත් නුටුම් සුරඟන රැසේ

ලූබැලුම් පමණින් සුරන් සිත් මත් කෙරෙත් මැයි නොකම සේ

ඒ රැඟුම් රඟ දුටු දනෝ නුමුළා වෙති යි පවසම් කෙසේ

313 පෑ උදුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහ සක් නුබේ

රූ නිමල් සුර ලිය තොසින් බැසැ රඟ කෙරෙත් නර රජ සබේ

මී රිකල් තත් සුන් වෙණින් බෝසත් ඔවුන් කර වයි ලොබේ

මේ සියල් විසිතුරු උතුම් එක තැනැ දැකුම් කිකලෙක ලැබේ

නඳ වෙන නඳ සමඟ තොස් සිඳු කිමින්දෝ

කරවන දනන් මන දඟ තමන් ගුණ නො මැ සින්නෝ

සුරඟන රඟන රඟ එ දිනෙහි වෙළෙන්දෝ

බලා තුටු වී නිරිඳු දියතග දැමූ නන් වතිනි කඳු බැන්දෝ

බැඳි විළි කඹයෙන් මහ බෝසතුන් වෙණ

තැති ගෙන ජය සකොබයෙන් නදින් සතුටුව අපමණ

උන් මූසිල බියෙන් සපිරූ ඇමති ගණ

පිටත් කෙළෙ එරජ රජ සබයෙන් ගණන් නො දැනෙන දනින් රජ ගණ

යන ඔහු අසරණින් සතුටු වැ වෙණ නදින

දුටු දුටු දනෝ උරණින් දැමුවෙන් පළන් පළඳන

තමන් බල පමණින් කඳුලෙන් නුවනඳන

දෙමින් බැට කැට මුගුරු පහණින් ගියෙන් වන සිරිසුලු පුරහන

මූසිල මෙපුර තට පහළඹර මුරු බෙර

නුවරෙක් නො වෙයි ඉඳිනට පිළිරැව් ලෙසින් මන හර

ඉන් තෝ මෙහි නො සිට වයති පුරැ දොර දොර

යවයි නෙරපූය යම පුරයට දහස් සුවහස් ගණන් ජය බෙර

තොස් සිඳු මැද පිවිසි එ පුර සත සිත තොස හෙළා

වස්වත සුරන් මල් වැසි විජය පුද කෙළි කෙළ - කෙළා

ලෙසින් සිවු දිව් වැසි පිළී හිස වට වෙළ - වෙළා

වැස්වී නරනිඳු සත් රුවන් වැසි රැපැයි ඔහු යස සිඳු සලා

වෙණ සඳුගෙන් මුදු එතර නුබ මුරු බෙර හඩින්

පුබුදු කළ මන කුමුදු දෙරණ දෙන ජය බෙර හඩින්

බෝසත්හ‍ට පිදූ දනන් තුඩැ ඔල්වර හඩින්

කිරුළු සුවහස් ගණන් නිරිඳු දිගත් පිරි ලිඝීරැව් හඬින්

බන් මිණි මුතු පබළු නොයෙක් වෙස් ගෙන රුති රුති

රන් හූ සමඟ සුලකුළු ගියෙක් කර කියමින් තුති

ගෙන පෙරෙවි තුරු සළු අයෙක් සිත තොස නො නැවති

දැමූ සතොසින් පෙරවී විප් මුළු සියෙක් රඟ රඟ පෑ යෙති

තවර කර ගත දැළි ගුරු පොරණ පැන ගජ කුඹු තලා

විකර වෙස් ගෙනැ විසිතුරු මරණ පත් මෙන් කැනැ හිලා

එපුර දොර දොර නිරතුරු උරණ වෙමින් ප ඇදුරු ලා

පැතිර රඟ දෙති සමහරු මරණ පත් විය මූසිලා

එපුර ජය උත්සව සැදූ මෙ සේ ජය කොලහල

විලස පවසනු කිම උඳූ පැතිරෙන පුර දෙරණ තල

නොහඳුනන පෙරැ රිවි සඳූ ලත් පුද සිරි විපුල

බැහැර කෙළ - කෙළ යෙති ළඳු මෙඅප බෝසත් ඇදුරු ගුත්තිල

නොමින් සත සිත තොස සැපත් ලත් දන දි දනට

කනින් කන අම බිඳු සෙ වත් බැඳ ජය කෙහෙළි දිගු යට

තැනින් තැන බෝ සත් පුවත් කර සත සිත සතුට

උනුන් හට මේ ලෙස කියන් ගියේ පුද පෙරහරින් තම ගෙට

එරුදු ගුණ දස ගිව් සදා ජය කෙළි කෙළින සත

පසිඳු වූ ලෙස රම් රදා තැවෙති යි සිතා දෝ ගත

විරුදු මූසිලයා සදා සැඬ කිරණ දසසත

පසිඳු විය අප පඩි සදා රැගෙන දිනිඳු ද අවර ගිර පත

අරිටු ලිය නුගුණය නිසා මූසිලයා සතන

වකුටු මිණ ලත් මෙන් කුසා පිරුණු සෝ දුක් විලසින

මෙදුටු මූසිලයා නිසා දිගු බිත වසා ගෙන

නුදුටු දෙය දුටුමු ව ඇසා දියත හෙත අඳුරු කඳ පැතිරෙන

දුටුමු සුරඟන මිහි තෙලේ ලෙස ඇදුරු වෙණ නද

නොතත් වෙණ නද මන කලේ මියුරු නැති මී තොප බඳ

ඇසුමු අපි ඉන් එක කලේ ඉන් තඹර මුවරඳ

ලදුමු ඇස් කන් ලත් පලේ නොදෙම් මැයි බිගුනලෙව් විල් ළඳ

දනෝ සවනත හුනු මතින් බිඳ ඳුරු කඳ රැසින්

තමන් තම නොදනිති මතින් පහළ තුරු රැස් වෙසෙසින්

එවන් වෙණ නද සුන් තනින් තුටුව සුර විලසින්

කිකල් අසමුද අපි ඉතින් විසුළ අසෙනිය කුසුම් විලසින්

එතර පැළ දිගු ළඳ කරන තොප කන් කලු

සඳ වෙල පට දුහුල් හැඳ පන් සිළු පසු කරන සුලු

තරු වැළ හර පැළැඳ වෙණ වැයුමෙහි සියලු

සැරුණු වැනි ජය කෙළින ලෙස වැද ගදඹ කුල සිළු මිණෙක සිරිසුලු

ජය කෙළියට එ තර ගුත්තිල නම් ඇඳුරු

දැක සැරසුණත් නොවිතර තත් සුන් වෙණෙහි විසිතුරු

තෙමෙ ද කුමුදාකර නද අසනුව සොඳුරු

පුබුදු කුමුදින් ගතෙව සුදඟර මම ද ගියෙ මැ යි කී ය පුරඳුරු

සඳ කිරණෙහි ගැලී සුරිඳුගෙ එ බසසා

වැහෙන සඳ කත සිලිලී සුරත් මුදුනත සලසා

ජය කෙළි දැක බලි සිට සුරඟන රැසා

ගලන තුටු කඳුළු සිරි කියෙලී දෙවිඳුහට සැළකළෝ මෙලෙසා

තුරු බිබුළෙන් දිමුත යනුව බරණැස්සමු

එ ම රස් මලෝලඹු ගත දෙව නැත ඔහු තොපැස්සමු

නිල් නුබ වියන් යුත කවර අප ඇස්සමු

සියල් දිය ජය මඟුල් මැඳුරත අපි ද වෙණ නද අසන රිස්සමු

පුන් සඳ සඳුන් කඩ උන් බස් ළෙන් දරා

උදයග සණෙහි ගා මැඬ මාතලී නම් රියැදුරා

ගෙන රස සඳුන් මඩ අමතා පුරඳරා

නිසා කල් ගත් කල්හි පිරිබඩ මෙ සේ පැවසීය බස් ඉඳුරා

සුර සෙන් සහ නොමඳ දහසක් සිඳු යොදා

සිය සුර පුරට ගොස් වැද විජයොත් රතය පබදා

සක් දෙවිදු උන් සඳ ලොව කැලුමෙන් රඳා

සිහිල් පඬුපුල් සලස්නේ සොඳ දිලෙන රන් දද පෙළින් සූසදා

පුල් නිලුපුලැසියෝ ගෙන ගොස් බරණැසට

මියුරු පිල් වරලැසියෝ ගුත්තිල ඇදුරු රතයට

වැඳ සුර විලසියෝ නංවා අදර කොට

සිරිඳු ගිය කරුණු පිළිවිසියෝ කීය කැඳවා එව යි මෙ පුරට

එස‍ඳෙහි එදෙව් පුත අප පඩිගේ ජය කෙලි

ගුවන් සිඳු මැද ගමනොත කෙළිනට නොවන ලෙස මැළි

රන් නැව් යුතු එ රත කෙරෙමින් දසත එළි

රැගෙන බරණැස් පුරට යා ගත උදා වන රිවි මඬල මැය යළි

රන් දද නෙලෙන් සැඬ උන් බස් මැඬ එ කල

කෙරෙමින් වලා කඩ කඬ අයෙක් පවසති මෙ තෙපල

රැසින් ගනඳුරු මැඬ උවහොත් රිවි මඬල

අසා දිව එන රතෙහි සක් හඬ පියුම් නො පිපෙ ද මෙ ගෙ දිගු විල

එපුර වැසි දන රැස පඩි පුදයෙහි නොයෙක

තමන් දොරැ දොරැ එළි බැස බැඳි දද සැලෙනු දුරු දැක

වඩා කුහුල’ දහස කර සපු කැලැයි සැක

නරඹ - නරඹා සිටිත පෙර දෙස පියා විදහා දිවෙන ගුරුළෙක

සිය රැළියෙන් සොඳුරු සහහරු මෙ බන්දා

විදුලිය වලන් තහවුරු පවසති උන්ට නින්දා

සඳ වෙල කුළ අයුරු වුවොත් ගුරුළින්දා

පෙණිනි ගනරන් රතය විසිතුරු අඳුරු දුරැ ලන රස් කොයින්දා

දුර දුටුවෙන් වෙනස ගුත්තිල ඇදුරු ලද

දැන ගත නො හී ඇති ලෙස අප රදුට සිවු දිව් රද

සමහර දන මෙ ලෙස පුද කරනුව මෙ සඳ

කියති සිට තම හිතේ අදහස එවු සක් රුවන මැය මන නඳ

කියනු කිම වෙන මේ උන් බසින් නොවැළකි

අප පඬි සඳුගෙ මහිමේ දනන් පවසන විලසෙකි

දකින ලෙස මෙ සමේ සක් රුවන නම් සකි

දිවෙන පර සක්වළ ස‍ඳෙක මේ නොයෙක් රුවනනුදුළ එක් රත‍ඟෙකි

උන් බස කර නිසරු වැනෙයි සැඩ පවනෙහි

මෙලෙසින් කියති සමහරු රනෙයි පෑ දද ගුවනෙහි

නොදොඩව් තොපි වියරු පෙනෙයි රන් සක් මෙහි

ස‍ඳෙස් නම් සලකුණෙන් වෙද දුරු පෙනෙයි සුදු - සිඳු පෙළ ඉදිරියෙහි

වෙණ නද ඇසීමට එ බසට මාතලී

ඇදුරා සුරිඳු පුරයට ලෙසින් සිය රැළි විදුලි

කැඳවා යන ලෙසට තුනු කැලුමෙන් දිලි

එවු දිව රතයෙකැ යි‍මෙ පුරට මෙසේ කන්කලු බසින් තෙපලී

කියමින් සිටි කලට රිපුය අසුරා  නම්

සඳ රිවි දහස් එක විට මහිමය පුරඳරා   නම්

බටෙව් එළි කොටවට දනුව ඉඳුරා   නම්

පැමිණි දිව රතය පඩි ගෙදොරට මම යා මාතලී රියැදුරා    නම්

එස‍ඳෙහි අප ඇදුරු තොප වෙණ නද සුරඹ

දිව රියෙහි උන් රියැදුරු අසමු ව කිවු ය කර ලොබ

දැකැ සිටැ නොවී දුරු එයින’ප සුරිඳු මොබ

මෙසේ පිළි විසියේ ය තොරතුරු එවී කැඳවා යන ලෙසට ඔබ

රන් ගිරි කුළු මුදුන එයින’ප හා සසඳ

ළ හිරු මඬළෙව් බබළන සුරිඳු පුරයට මන නඳ

රන් රතයෙහි මෙ තැන වඩිනු මැනවැයි යැද

මෙතොප කවරහු ද දැන් දිලිසෙන පවර දිව රතය ළං කළ සඳ

වෙයි ද අසුරින්දා සුර කුමරෙකු ලෙසට

නැතහොත් සක් දෙවින්දා සැරී බෝසතු රතයට

ම සිත සැක සින්දා නැ‍ඟෙන සිත තුටු කොට

කියව තොප නම් ගොත් කුමන්දා රිය ද පැන නැංගේය අහසට

381 එතර දිනිදු හිමි දැකැ විලඹුවෝ හැමා

බමර කිකිණි සැදි සියපත් මෙවුන් දමා

තිසර දිමුතු මුතු හර පැළඳ මනරමා

නොහැර පහස විඳිනට සැදුණු නොව පමා

382 සොඳුරු තුරුණු සිය පත් සිය රස් හැමා

ඉඳුරු දෙසින් වැද නුබ ගඟැ එත පැතිර

අඳුරු සෙවෙල් තුරු සියපත් සිසි තිසර

අතුරු දහන් පිරුණේ ලොව නොහැර

383 බොල් පිනි බිඳු බැමී ය අතු නැමී  ය

මල් මුවරඳ තෙමී ය නල හැමී  ය

පුල් තඹරෙහි බිමී ය බිගු බිමී  ය

මල් සැර සැව් දැමී ය රිය හිමී  ය

384 වැදතුල් ළ හිරු රස් යුග කෙළැ ගිම් ගිමිණි

තුරුමල් වගළ පෙන ගනදුරු සිඳු සිඳිණි

මනකල් තමලුපුල් වන මිණි ගණ පෙනිණි

එමකල් දෙවන දිනි‍ඳෙව් රිය ද නික්මිණි

385 කෙරෙමින් සිය යසස බඹ සිරස සේසත්

තෙදගින් ඉඳුරසුන් උණු කරන පෝසත්

වෙසෙමින් තමා දැක තොස වඩන බෝසත්

බලමින් එ සද දෙවි ‍ලොව වඩන බෝසත්

386 ඇලී සුපිපි සපු නා තුරු වැළැ දිමුතු

දිලී කුසුම් බිඳ - බිඳ නම - නමා අතු

ඇලී ඉඳින කොමළඟ තුනු සිරින් යුතු

බැලී තැනින් තැන සැදි සොඳ උයන් වතු

387 කලා නඳන කැලුමෙව් නුබ තලා යා

දුලා සරණ හස වැළ දිය තලා යා

ලො ල‍ා බමන බිඟු දැල් මනකලා යා

ප ලා ගොසින් පුල් විල් බල - බලා යා

388 අහස් ග‍ඟෙහි වැද එන සුවඳ මඳ නලේ

පහස් ලදින් සතුටු ව කෙළින මිහි තෙලේ

වහස් බැලුම් ලැබ පුරඹුවන මන කලේ

දහස් ගණන් පුර නරඹමිනි ගිය කලේ

389 දුටුයම් සතුන් නෙත් සිත් විසි කරන උදු

මනරම් රුවන් සල් පිල් සිය දහස් සැදූ

යසකම් නිමල් පහ කුලු සියෙනි සව් සුදු

දිටිගම් නියම් ගම් සව් සිරිනි පරසිදු

390 ළඳඇල් ගෙවි ලියන් ඉඳ කියන රාගිය

මඳකල් සිට අසමින් කන් පුරා ගිය

සුවදැල් කෙත් රම් දම් සේ පැසී ගිය

සුවිපුල් සිත් සතොසින් දැක පිනා ගිය

391 වනතුරු පටින් දිලිහෙන මනකලාවන්

සුදුනිලඹරින් සුසැදුණු මිහි කළාවන්

මිණිමුතු පෙළින් බබළන මේකලාවන්

දැක දැක ගොසින් ගං හෝ වැලි තලාවන්

392 රැගෙන රදා ගත් මෙන් ඉඳුනිල්  නිල

රඟන සුනිල් ගල විදහා පිලින්  පිල

මඟන මොනරහන වට රැක වලින්  වල

රඟන මොනර ගණ දිටි මඟ ගලින් ගල

393 බැහැර නො ගොස් සිට වැද වැද රළින් රළ

නොහැර පහර දෙන මෙන් යා කුළින් කුළ

පැහැර පුළිඟු ඉසිනා අං බළින් බළ

ළතර මුවන් පොර දිටි මඟ පළින් පළ

394 පිලි රොනවුල් මලීය පෙණ මලීය

දිවඑනපිලි පිලීය පිල පිලිය

සඳ කැලුමෙව් හැලීය ඇදැ හැලීය

හෙනු දිටු ගඟු ලැලීය සිහිලැලීය

395 රන් සිරිවස නිඟාය සිහිනිඟාය

සුරඹ රුසිරු ළගාය කොමළඟාය

කිඳුරඟනන් රඟාය ගිරි රඟාය

ගියේය රිවි මහාය මඟ මඟාය

396 පැමිණි ස‍ඳෙහි අඔරට තම නොපිහිකුළු

නෙමිණි රැසින් නන් පැහැ කරන ගනකුළු

ගිහිණි සුරඹ ලිය කිදුරන්ගෙන් ලකුළු

පෙනිණි සුවාසු දහසක් හිමවු කුළු

397 මනකල් නිමල් සරනා සක්වල නිබඳ

කෙළි ලොල් වතළ මින් රළ රළ ගොස පබඳ

සුවිසල් නොයෙක තැන දිසි ගිරි කුළු නොමඳ

ගනකල් අහස මෙන් දිටි නිල් මහ මුහුද

398 මිණි පේකඩින් බඳ සිටි නිල් තලා පිට

සුර ලොව රිදී ටැම් දකිනට පළමු කොට

දිසි නිමිතෙව් සිලිලෙන් මඳ නිකුත් කොට

උරගුන් රැගත් ගුරුළුන් දිටි සයුර පිට

399 වලා පෙළින් ගැවසුණු මෙන් සුනිලඹර

දුලා උළැඟි රළ පතරින් පිරි නිතොර

ගලා සිටින සිඳු මැද සක්වළ අතර

බලා කොදිව් සහ මහ දිවයින් සතර

400 පෙර සුර පුරට පව්රෙව් මෙර වටා සිටි

සුමුදුර තරඟ සෙමෙරට ලූ කිරණ මිටි

යුගඳුර පටන් අඩෙකින් එකිනෙකට මිටි

මනහර රැවන් සත් කුල පවු වළලු දිටි

401 පැහැපත් පහග නන් රන් මිණි යටග බඳ

දිගුබින් එකෙළි කර ළෙල දද පවන් වැද

මහසත් දසන ලොබ කර සුන් කැලන් නද

කළ අන් සෙනෙව් දිටි තම එන ලෙසට සෙද

402 සි ව් දිගිනෙන දෙව් රුපු සෙනග ලුහු බැඳ

ලෙව් රකිනා දෙව් රද රඳන හැම සඳ

ස ව් සිරි දෙන දෙව් තුරු සියෙනි මන නඳ

ස ව් මහ රජය දෙව් පුරයට ගොසින් වැද

403 මන නද ගදෙව් රස විඳ විඳ ම එකිනෙක

රිය ඇද ඉවත යන සිත් තුරඟ රැක රැක

සුරළඳ විඳින නෙත් සර පහර එකලක

ගියසඳ එ දෙව් පුර සිරි සැපත දැක දැක

පින් පල අඳුන් වන වැද දිගත පිරිමැද

සත නෙත රස අඳුන් වන කසුන් කලදෝ දද බැඳි

දහසක් යොදුන් වන රස් වතුරේ කිමිදි

පෙනිණි විසිතුරු වන නඳුන් වන රුවන් වහසල් දහසකින් සැදි

රැඳු මිණි පවුරු වට කර රන් දද පිහිලි

බඳ දිලි රුවන් තල් වැට වැහෙන රන් මිණි රැස් හැලි

සැදී සිටි හැම විට සැදී කුළු සිය කැරලි

පිවිස එනඳුන් නඳුන් වනයට දහස් සුවහස් පහ පෙළින් දිලි

නිල් මිණි බිම පිහිටි සතොසින් පින පිනා

යෙන් එම උයන එක සැටි නිබඳ දෙවුයන් කෙළිනා

නිති උඩුයටි වැ සිටි සුපිපි සල් සපු නා

අසිරි දෙවුයන් දෙකක් සේ සිටි සුසැදිගෙවුයන් පෙළින්සොබනා

කෙළක ළද පැලැඹී පිපෙන සුවදැති මල්

මත් හස පියුම් මී බී නොහැරම උදක් කල් යල්

පිරි දිය නොකැලැඹී පිරි මිණි නිල් සිසිල්

නඳුන් පොකුණේ සිරි ද නැරැඹී ගෙදි ගු විල් යස පෙළින් සනකල්

ගොසින් වැද සක්වල රන් මිණි රස් විහිදි

විහිදෙන කිරණ පෙළ බිහි දොර සියෙන් සිය සැදි

සත් රුවනින් උදුළ සව් දස දහසෙකින් පිරිසිදි

දෙසිය පනසක් පවුරු වට කළ යොදුන් දස දහසෙකින් පිරිසිදි

සුර තුරු සුවහසින් කලදෝ කැරැල්ලෙන්

රන් දෙදෙනි සන් අහසින් ලෙළදෙන රන් කෙහෙල්ලෙන්

විසිතුරු තුරු ගොසින් සැදි නේ සඳල්ලෙන්

සොබන සක් පුරට වැද සතොසින් එසබ විසිතුරු වී සියල්ලෙන්

දැක සුරඹ සුවහස් මෙලෙසින් සැදි පවර

කර නෙතෙහි දුක් නිදහස් එසුදම් සබා අබතුර

සිත සපුරා සතොස් උස තුන් ගව් විතර

සුසැදි සුදසුන් වේ මැදින් ගොස් මැවුණු කුසුමාසනේ මනහර

ඉසුරෙන් අග පැමිණි යෙළ යාළක් සුවඳ

සසග සුර සබ අගමිණි විලවුන් අලෙවි කර සොඳ

රැසොවිදි දිගත මිණි මිණි අබරණ පැළඳ

සුදම් සුර සබ වෙතට සපැමිණි සැටක් ගැල් පිරිය හැකි මනනඳ

තුන් සියයක් යොදුනි ගව්වක් පමණ උස්

එ සුර සබ දිග පුළුලිනි පළන් කිරුළෙහි පිරිවෙස්

පන් සිය යොදුනුසිනි දිදුලෙන් අහස් කුස්

යොදුන් නම සියයෙකැයි අවටිනි නොසිස් කර උන් ස‍ඳෙහි සහසැස්

ටැම් ගණ කසුන් මය වරුණ ය පජාපති

බිතු දුළ පිළි මැණික් මය ඊසාන යන නම් ඇති

බිම නිල් මැණික් මය සුරන් උන් ඉක්බිති

යෙහෙක් නම් ලොව එ සබ දැක්මය අසුන්වල අඩ යොදුන් උස ඇති

සුසදු රන් ටැම් උඩ සුරිඳුට එක් පසෙක

උදුළ පිළිමිණි පේකඩ ගව් උස අසුන් දෙ තිසෙක

රස් දිලි දිගත් මැඩ ඇවිත් ගෙන යෙහෙක

එ සබ දුටු කල ගනී නෙත් මැඩ ඇවිත් වැඩ උන් සුරෝ දෙ තිසෙක

පබළ වග රූ රැස් සුළඟින් ගෙන එ කල

සැදි සත් රුවන් ගෝනැස් පිළිවෙළින තුළ මන කල

විහිදි පල රන් රැස් මල් කෙමි අසුන්වල

එ සබ දුටු කෙනෙකි ලද්දේ ඇස් දහස් සුවහස් සුරන් උන් කල

සුරිඳු සිත නම්මා උතුම් පෙරහැර කොට

ලද සුර ඉසුරු නිම්මා සපැමිණි විවා මඟුලට

සුර ළඳ සුදම්මා සුර රජ උන් තැනට

සුරඹ පිරිවරමින් සුරම්මා සමර මල්දම් ලෙසට ගොස් බට

විහිදුණු රසින් ගන දහස් පිරිවර ගෙන

නන් තුරු මලින් නද දෙන සුවහස් ගණන් දෙවඟන

සුර සබ හිමවු වන සිටියෝහ මන නඳන

වසත් සිරි සරි රැපැයි අවුදින රුවින් සුරිදුන් පිරිවරාගෙන

හැම සුර පබන්දා රන් ගිරි මෙන් රඳා

දළ ලොබ සිඳු කිමින්දා කැල්මෙන් එසබ මුහුදා

රුවින් මන නන්දා සමර සුර සමුදා

දිලිහි දලීහි සුරඹ නන්දා මෙසේ උන් ස‍ඳෙහි සක් දෙවිදා

වර කත රඟින් සර මාතලි රියැදුරා

සුර සිරි සඳට ආකර ගොස් දැක වැඳ පුරඳරා

සුර සබ කිරි සයුර එගුත්තිල ඇදුරා

පුවුටු සඳරස් ලෙසින් මනහර ඇවිත් සිටිති කියැ ඉඳුරා

සුරන් සිත් මුහුදා සුරඟන අදහසී

කලඹන රුවින් නොමදා එක් කර සිනිඳු සුබැසි

සහ හුරඹ සමුදා තෙපලින් සහසැසි

සුදා නම් සුර ළඳ ද එ සඳා වහා කැදවා එවයි පැවැසි

සුරයෙන් පහන් වන සුර රජුගෙ එ බසට

මැද රැදි හසුන් බබළන තුටුව රියැදුරු එමැ විට

සුර සබ විල වදින එපවත් බෝසතුට

උදය රිවි රස් ලෙසින් තොස් වන කියා කැඳවා ගියේ සබයට

සදෙව් ලොව දෙවඟන රිවි කිරණට හමුව

පසු කර රුවින් බබළන පිපි පියුමන් සෙ නවමුව

සුරිඳුට පියඹ වන සක් දෙවිඳුට යොමුව

එසඳ සිත් නම් පවර සුරඟන පසන් සුරසෙනග දැක පළමුව

විහිදෙන මිණි පබා දුරු කර නොදැන්මා

වතුරෙන් සබස කලඹා ලබමි මතු සුර දැන්මා

දෙ පස උන් මහ බා පිහිටි නර දැන්මා

දෙ තිස් සුරිඳුන් ගෙ සිරි නරඹා කිමෙක ගෙන්නු කරුණු දැන්මා

නොදැන මෙ සසර හිමි තෙලෙ සුරඟනෝ යැද

දහම් දත් සත කො තරම් ඇදුරු තොපගේ වෙණ නද

මුස කරවන තරම් කිවුය ඇසියටි සඳ

බලා එසුරන්ගේ රුව මනරම් එයින් ගෙන්නූයෙම් මෙ තොප අද

වල් විදුනා දැරු මින් වුව මනායා

සුර සෙන් සමඟ රුසිරූ අස්නෙක ඉඳ මනායා

සක් දෙවිඳු පිළිරු තුටු කර මනායා

පෙනෙන රන් මිණි බිතින් සොඳුරු කියත කරව යි ගායනායා

නොහැඳින පුරඳුරු හිමි සඳුනි සුර පති

වැන්දයි කියා පිළිරු ගඳඹ ඇදුරන්ගේ නිති

වන බියෙනි නිසරු පවතිනා මෙ සිරිති

විමස-විමසා සි‍ටිති ඇඳුරු නොමිලයේ ගියනා නොකෙරෙති

දුරැර ඔහු කුහුලී කරවන සිත පැහැදේ

මෙහෙයා නෙතිඳු මිණි ලී වෙණ ගායනා මෙ ස‍ඳේ

පුරඳුරු මන කලී මෙතොප දොළ පසි‍ඳේ

සතුටු විය යුතු තෙපුල් තෙපලී දෙමැ යි කී දෙවිඳු රිසි රිසි දේ

ඔහු කී බසු අසා මෙ සුරඹ පෙර දවස

නැමද බෝසත් සකසා කළ පින් කියත තතු ලෙස

දෙන පඩුරක් ලෙසා කර අප සිත සතොස

මෙලෙස රස මුසු බසින් පවසා එම ය මිලදීම නම් සහසැස

සුර රුපු යස පැහැය බෝසතුගෙ එ බසින්

පෙන්නූ තමා යස රැස සිත සිත පිරුණු සතොසින්

සුර ඉසුරෙන් සිරස යුතු මඳ මඳ හසින්

සරණ තඹරින් සැරූ සහසැය කිවුය සුර අඟනෝ ද මෙලෙසින්

අප කළ කුසල් පෙර උන් කළ පින් අසා

පසුව පවසමු සැක හැර සිතෙහි සපිරැණු වෙසෙසා

කල් නොයවා ඇදුර උතුළෙව් දළ තොසා

දැන් ම වීණා ගායනා කර කීය බෝසත් තෙපුල් මෙ ලෙසා

යන මේ බස් අසා දිවි සපල වූයේ

මුවෙන් නොබැණ ම ඉවසා ඊමකින් වැඩ වූයේ

එබස එක් පෙදෙසා කනට සැප වූයේ

සුදුසු අස්නෙක්හි ඉඳ සතොසා අද ය වෙසෙසින් පහන් වූයේ

මහ බෝසත් ඇදුරු මුන් දැයි සිය සකින්

සත් සර නඟන සුමියුරු ඇසුයෙමි පින් නිදුකින්

සත් තතෙකින් සොඳුරු ඇඹෙයි මට මෙතෙකින්

සදා වීණාව ගෙන විසිතුරු ගොසින් පින් රැස් කරමි ඉතිකින්

උන් සුර සෙන් සබා බෝසතුගෙ තෙපුල ට

එක එක සරින් කලඹා තුටුව බරණැස් නුවර ට

දිව ගඳඹ පසු බා ඔහු ගෙන යන ලෙස ට

වැයි සතියක් ම බා නොතබා කීය සක් දෙවිඳු මාතලි හට

වැලඳී සත් තත් විදු එස‍ඳෙහි මාතලී

වෙණ මේ කුළින් පිරිසුදු සුදු සිඳු පෙළින් උඳුලී

සර වැසි වසිත රුදු දිව රතයෙන් බලී

සතොස් වතුරෙන් පිරිණි සබසිඳු ඇදුරු සිය නුවරෙහි ම ඇරැලී

සුර සබ සකොබ කර ආවයි යනු අසා

වීණා වයා මනහර සිටි සිටි තැනින් නොලසා

උන් ඇදුරුට පවර ඔහු දකිනා ලෙසා

සතුටු සුර අඟනෝ තමන් පෙර ඇවිත් රැස් වූ දනෝ සහසා

සිල් රැක දන් දිදී නරන් නිසි පින් කර

කසුප් මුනි සමසේ දි ගොස් ලබන සිරි සුර - පුර

පින් කළ රඟ යෙදී තොප දුටුවෙන් මෙ වර

කිවුය නෙ වෙනම සිතු පැහැදි එදැන් කියවයි කිවුය ගෙන හැර

470

එස‍ඳෙහි තම ගොසින්

දුටු සුර පුරෙහි වෙසෙසින්

සිරි පවසන ලෙසින්

දෙසී නිසි දම් දෙසුම් මෙලෙසින්

471 සිය දහසක් දිව පහයෙන් කර සතොස

දස දහසක් යොදනෙක සැදි සුනෙර හිස

මිස පසසක් පැවැසිය නොහැකි ඇති ලෙස

දිටියෙමි සක් පුරවර සිරි නොයෙක ලෙස

472 කිමෙක කියනු සුර පුර සිරි සර වෙසෙස

මෙලොව සියක් අවුරුදු එහි එක දයස

එවැනි එ සුර පුර සිරි සැප ලබන ලෙස

කරව කුසල් තෙපි මඳකුන් නොව අලස

473 ඇතෙක දෙතිස් කුඹු දළ සිව් සැටක් ඇති

ගෙයෙක යොදන ලද සුදු සිඳු දහස් ඇති

රියෙක යොදන ලද සුදු දහස් ඇති

එසක සැපත් පවසා කිම ඉමෙක් ඇති

474 ගෙයෙකු පැහැය ගව් දෙසියෙක දිසේ යා

මලෙක සුවඳ සිවු සිය ගව් ඇසේ යා

ගලෙක මෙළෙක උන් සක් නැබ වැසේ යා

නොයෙක එසග සැප පවසමි කෙසේ යා

475 ලොවැති සියලු විසිතුරු සිරි සර අසැකී

කැමැති වුවොත් එක ගසෙකින් ම ලද හැකී

පැවැති මෙසෙවු සුර පුර සිරි සර නොයෙකී

කියති කවුරු සිතිනුත් නොම සිතිය හැකී

476 රන් පැහැයෙන් එහි සත් සිය යොදුනුසය

තුන් සිය යොදුන් දිග ලෙළදෙන දද රැසය

මන් තොස වඩන එහි සුරඟන සුවහසය

පින් කොට එකකු ලද සග සිරි මේ ලෙසය

477 මුනිඳු කිව ද නොගෙවෙන සග සිරි සැපත

සිරිඳු ඉසුරු දැන් පවසනු කිම අනත

පසිඳු නොවන එක දෙවියකු සිරි සැපත

දිළිඳු බවෙක මුළු දඹදිව රජ සැපත

478 උපන් දිනෙහි හන් සළු පැළැඳි දිව මලී

ඔවුන් මියෙන තෙක් පවතී ය දිලි දිලී

මෙවන් එසග සිරි දෙන පින්කමට බලී

ලෙවන් ඉඳින රඟ බල නොකර ඇදැහිලී

479 මියඟ රැසින් එළි කර ලොව දස දිගත

සිතඟ ඉසුරු ලද දෙවියන් හට සතත

නිසඟ අනිටු අරමුණු පමණෙකුත් නැත

එසඟ සැපත් විඳිතොත් කරව පින් සත

480 පසඟ තුරන් නදයුරු මිණි කිකිණි ගොසේ

සමඟ රුවන් පහයෙන් යනෙන නුබ කුසේ

සිතඟ ලෙසින් කෙළි නළු විඳින නොකමසේ

එසග සුරන් සිරි නුබුදු ව කියමි කෙසේ

481 විහිදි සුවඳ හැම සඳ සැප පහස දෙන

පැළැඳි රුවන් බරණින් අඳුරු දුරැ ලන

මහිදි මහිම සුර සෙන් දිටිමි වෙසෙසින

නොවිඳි මෙවැනි සග සැප දද බැවින් දන

482 විසූ වද එ සග සිරි නොදැනෙයි තොපට

ඇසූ වයි කෙසේ දැනෙනු ද නියම කොට

තියූ සුරඹ වෙණ වැයුමට පඬුරු කොට

දෙසූ කුසල් පමණක් ඉන් අසව තු‍ට

483 එක් අඟනක් සිවුරට දුන් වතින් සොඳ

දක් වන මෙන් පින් පල සුරඟනන් මැද

සක් දෙවිඳුගෙ මන් පිනවන රුසිරු ලද

දුක් නොවිඳිනා පින් ම ය කළ මනා සොඳ

484 නිමල් සුමන මල් දමෙකින් පිදුවෙනි

ළකල් කුළඟනක් ගොස් සහ පිරිවරිනි

සියල් සිරිත් පැලඹෙයි දෙව් ලොව දෙවෙනි

එමල් පැළඳ ලද හැකි දෝ සැප මෙ වෙනි

485 සියසිතු පැහැද අඟනක් ඇඳින පින් කෙත

පියයුතු සුවඳ දි ගොස් පුරඳරා වෙත

තමසතු සුරඹ දහසක් පිරිවරා ගත

දියයුතු නොවන දෙය කිම සිතු සැදැහැ ඇත

486 එක් අඟනක් සඟනට පත් අතර මඟ

උක් රසයක් දුන් කුසලින් ඉපිද සග

සක් දෙවිඳුගෙ මන වඩමින් වෙසෙසි ළඟ

දුක් දුර ලන බල මහ පින් කමෙකැ රඟ

487 රන් දා ගැබක පෙර අඟනක් සැදැ යුතු

දුන් නී සුවඳ පසඟුල් පහදවා සිතු

පින් සර සුරඹ දහසක් පිරිවරා ගතු

ඉන් මුනි මය පිරිනිවිය ද පිදිය යුතු

488 පැහැද දිනෙක අටසිල් රැකි පිනින් එම

ඉපිද සුරිඳු පුර පසු බා සුරඹ හැම

නොමඳ ඉසුරු ලද අඟනක් දිටිමි මම

නිබඳ පොහොය සිල් රැකියොත් කියනු කිම

489 උන් සඟ දැක යෙහෙකැයි දිය ලදෝතිනි

දුන් අඟනෙක් බොන පැන් පමණ දෝතිනි

දැන් සුර පුර බබළයි රුසිරු දෝතිනි

පින් කෙත් ඇඳින දන් දෙව දන් දෙතෝතිනි

490 සරොසව පරුස තෙපලන නැඳි මයිලන්ටත

නිරොසව පැවති අඟනක් සක් දෙවිඳුන්ට

පියඹුව වෙසෙයි වැඩියෙන් සෙසු අඟනන්ට

නොකිපෙව එයින් මඳකුත් වැඩි සිටියන්ට

491 පෙර එක් දැසක් තම ලත් බත් බෙදා දී

ලැබගෙන නොයෙක් සුර සිරි පිරිවරාදී

කරවයි එසක් දෙවිඳුගෙ සිත් සමාදී

ලද එක් පිඬක් වත් වළඳව බෙදා දී

492 පෙර කිරි බතක් බික් සඟනට සිත පෑද

දන් දුන් කතක් සුර පුර රන් පරසාද

ලැබගතු තුනක් පිරිවර ඒ කෙ වනා ද

දන් ඉන් සිතක් ඇති මිනිසෙක් නොම දේ ද

493 උක් දඬු කඬක් සඟනට දී කෙලෙස් දෙවී

පිළිසිඳ ළඳක් සුර පහයෙකැ පිනින් මැවී

ලැබගතු එසක් දෙවිඳුට මෙහෙසුන් පදෙවී

තම හට වැඩක් සිත තොත් දන් දෙනු මැනැවී

494 තිඹිරි පකක් දුන් අඟනක් සඟන දැක

ඉතිරි සැපත් ලැබ ගෙන රන් විමානෙක

සපිරි එළඳ පිරිවර ලියො ම දාසෙක

ඉදිරි පිහිට පින් ම ය ඉන් නොවව් සැක

495 ලැදි ලියක් කැකිරක් දී එයින් පෙරා

සැදී රුවන් පායෙක පුරඳරා පුරා

විදී කැමැති සිරි සුරනිඳු සියෝ කරා

මෙදී කිමැයි නොකරව් සිත අනාදරා

496 ගිනි කබ ලක් දුන් අඟනක් කර අදරා

පිටි වහ ලක් කර එ ම ඉපද සුර පුරා

කෙළිනමලක් මෙන් වුව සක් දෙවිඳු කරා

බලකුසලක් දෙන රඟ සග ඉසුරු බරා

497 සැදැහැති ලියක් දන් දී මුල පලා අල

ලැබරුති රුසිරු පුර පිරිවර යසෝ බල

සුරපති සමඟ සිරි විඳ වඩවඩා ලොල

නොකරති මෙ සෙව් පල දෙන පින් තිරා කල

498 නැසී දිළිදු අඟනක් දි කොසඹ කොළ

නිසී තිදස පහයක වැස රුවනුදුළ

රසී රුවින් පුරවයි සුරනිඳුන් දොල

කුසී නොවව් පල දේ ම ය කුසල් කළ

499 දුන් අඟනක් පෙර සඟනට ඇඹුල් කැඳ

නන් සුර සිරි සර පායක ගොසිනිපිද

මන් පිනවන පිරිවර ලෙව් සරන් ලද

ඉන් දුන මනා දන් මැය සිල්වතුන් ලද

500 එකතල් වැටක් දුන් ලිය මුනි සුතක් හට

ඇමකල් පිපෙන මල් වතු විල් සැදු වට

මනකල් සුරිඳු පුර පහයක වෙසෙයි තුට

නිරවුල් මෙ සෙව් දන් දුන මැනැවි හැම විට

501 වහන් දෙකක් දුන් අඟනක් ඉසුරු පනා

යොදුන් උසැති පහයක ඉපිද පැහැ පතා

නුවන් යසස් තුටුවන තුරු රුසිරු පතා

මෙවන් සැපත් දෙයි පින් කරව නිති පතා

502 පින් පල අසා දි අඟනක් පත් කඩය

රන් පහයක ලෙළ රසු දැල් ගත් හඬය

මන් ලෙස වෙසෙයි සෙසු අඟනක් අත් මැඬය

පින් මිස අනෙක් කිම කරතොත් අත් වැඩය

503 සැකව මඳක් නොසිතව කියෙමි මෙ ති නී

තිදිව මෙ හැම සිරි දුටුයෙමි මගෙ නෙති නී

තිරව එ සග සිරි සැප ලබතොත් සතිනී

කරව කුසල් නිතර ම පිරි සුදු සිති නී

සුර පුර සිරි සියල් දෙරණ උඩු යටි කොට

පැවසූ තමන් මෙ තෙපුල් එහි අමරසය කැටි කොට

රිවි කිරණින් නිමල් දෙන මෙන් මුළු ලොවට

පුබුදු කරවිය දනන් මන විල් නිවන් දෙන දම්දෙසන හැම විට

G 506 509

බුදු කෙනෙකුන් ලෙසා සග මොක් දෙන නිසී

නිති පර වැඩ ම උදෙසා එක එක බසින් සුබැසී

පැවසූ බණ අසා තුටු කර එ නරසී

එකල මුළුලොවදනෝ මෙලෙසා ඇසූ බඹ සුර නරන් එකසී

සුර සැපතෙහි ලැදී අටඟින් යුතු නදා

දස අකුසලෙහි නොයෙදී මියුරු බඹ ගොස විහිදා

සිහි නුවණීන් යෙදී සිවු සස් සහ යොදා

නො මඳ පින් රැස් කළෝ පැහැදී දෙසා නිම වී මෙ ගුත්තිලදා

සත වෙත පහළ මෙත් මුළු ලොව ව‍ැවේ වා

වෙර බැඳ ම වෙත මැදහත් දුබික් දුක් දුරු වේ වා

අනුවණ මෙ දෙවිදත් සුසිරි ළඟ වේ වා

මෙ සේ නැසුණේ වේ ද පළමත් රජුට දිය වැඩ මඟුල් වේ වා

Text: Text typed by volunteers of Sinhala Wikisource; CC BY-SA 4.0. The poem itself (15th century) is public domain. (source) CC BY-SA 4.0. Spotted a typing error? Report a problem with this book